අප පිළිබඳ තොරතුරු
අප ගැන සටහනක්
දශකයක් පුරාවටම අප සමාගම අපගේ ව්‍යාපාර මධ්‍යයට තිරසාරත්වයේ සාරය සංකලිත කරවීම සහ තිරසාරත්වයේ පෙරමුණ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කර ඇත. ජර්මනියේ වටිනාකම් මෙහෙයවන මූල්‍ය ආයතන (Value-Driven Financial Institutions, Germany) සඳහා වන තිරසාරත්වයේ සම්මතයන් සහ තිරසාරත්වයේ සම්මතයන් සඳහා වන ජාත්‍යන්තර කවුන්සලයේ මූලිකත්ව සහතිකය තිරසාරත්වය කෙරෙහි අපගේ නොසැලෙන කැපවීම සඳහා අපට ලැබීම නිසා බැංකු සහ මූල්‍ය ක්ෂේත්‍රයේ සාකල්‍ය තිරසාරත්වය පිළිබඳව දකුණු ආසියාවේ සහතික ලත් වටිනාකම් මෙයෙහවීමේ ප්‍රථම මූල්‍ය ආයතනය බවට 2020 වසරේදි අප සමාගම පත්විය. ඉතා ඉහළින් අභිප්‍රේරණය කරන ලද සහ කාර්යසාධනය කෙරෙහි ඉතා ඕනෑකමින් කටයුතු කරන පුද්ගලයන්ගෙන් යුක්ත වූ අපගේ කණ්ඩායම විසින් තිරසාර සංවර්ධනය කෙරෙහි වූ අපගේ විධිනියෝගයන් කැපවීමකින් යුතුව අනුගමනය කිරිම හේතුවෙන් එලායන්ස් මූල්‍ය සමාගමේ ඉතා ඉහළ සංඝඨන අරමුණු සහ මධ්‍ය අභිමථාර්තයන් සාක්ෂාත් කරගැනිම සඳහා දිනපතා කාර්යක්ෂම ලෙස උත්සාහ දරමින් සිටින අතර ඒ හේතුවෙන් ජාතික සහ ගෝලීය තිරසාර ප්‍රමුඛත්වයනට දායකත්වය ලබාදිමට හැකිවී ඇත.
1956 වසරේ දී අවසර ලත් මූල්‍ය සමාගමක් වශයෙන් සංස්ථාපිත කරන ලද ශ්‍රී ලංකා මහා බැංකුවේ ලියාපදිංචි කර ඇති එලායන්ස් මූල්‍ය සමාගම (Alliance Finance Company PLC) සමාගම ශ්‍රී ලංකාවේ පැරණිතම මූල්‍ය සමාගමයි. මෙම කාලය පුරාවටම විශ්වාසනීයත්වය සහ අවංකභාවය යන මූලධර්මයන් මත පදනම්කරගත් ශක්තිමත් සන්නාමයක් අපි ගොඩනගාගෙන ඇත්තෙමු. දශක හය කටත් අධික කාලයක් තුළ, පරම්පරා හතරක ඉතා ලෙන්ගතු ශ්‍රී ලාංකික ජනතාවට තම බලාපොරොත්තු සඵල කරගැනීම සඳහා මූල්‍ය සේවාවන් සපයා දීම එලායන්ස් මූල්‍ය සමාගම මගින් කරගෙන යනු ලබයි. කල්බදු, රන් ණය, කාලීන ණය, රන් ආයෝජන විසඳුම්, ඉතිරිකිරීම් සහ තැන්පතු ඇතුළු මූල්‍ය විසඳුම් අපි ලබාදෙන්නෙමු. තවද, වාහන වෙළඳ හුවමාරුව, කුලී පදනම මත තමාටම වාහන පැදවීම ලබාදීම ආදිය ද අපගේ වාණිජ අංශය යටතේ අප විසින් සේවාවන් සලසන්නෙමු. දිවයින පුරා පාරිභෝගික සේවා මධ්‍යස්ථාන 86+ ක ජාලයක් සමගින් ශ්‍රී ලංකාවේ වෙසෙන අපගේ පාරිභෝගිකයිනට, පුද්ගලයිනට, මයික්‍රෝ-ව්‍යවසායකයිනට, කුඩා සහ මධ්‍යම පරිමාණයේ ව්‍යවසායකයිනට ලබාදිය හැකි සියළු මූල්‍ය සහසුකම් සැපයිමට අපට හැකියාව තිබේ.
ශ්‍රී ලංකාවේ තිරසාර මූල්‍ය ආයතනයක් බවට පත්විම සඳහා අප ආ ගමන අතරතුර 2017 වසරේ දී ප්‍රථම අදියර තබන්නට අපට හැකිවිය. එනම් ශ්‍රී ලංකාවේ බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ කාල්ශෘහේ විසඳුම (Karlsruhe Resolution) හා බැඳීමට හැකිවූ අතර ඒ තුළින් තිරසාර සංවර්ධන අරමුණු සාක්ෂාත් කරගැනීම සහ ප්‍රංශ කාලගුණ ගිවිසුම (Paris Climate Agreement) අනුව කටයුතු කිරිමට එකඟ වීමත් සිදුවිය.
දශකයක් පුරාවටම අප සමාගම අපගේ ව්‍යාපාර මධ්‍යයට තිරසාරත්වයේ සාරය සංකලිත කරවීම සහ තිරසාරත්වයේ පෙරමුණ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කර ඇත. ජර්මනියේ වටිනාකම් මෙහෙයවන මූල්‍ය ආයතන (Value-Driven Financial Institutions, Germany) සඳහා වන තිරසාරත්වයේ සම්මතයන් සහ තිරසාරත්වයේ සම්මතයන් සඳහා වන ජාත්‍යන්තර කවුන්සලයේ මූලිකත්ව සහතිකය තිරසාරත්වය කෙරෙහි අපගේ නොසැලෙන කැපවීම සඳහා අපට ලැබීම නිසා බැංකු සහ මූල්‍ය ක්ෂේත්‍රයේ සාකල්‍ය තිරසාරත්වය පිළිබඳව දකුණු ආසියාවේ සහතික ලත් වටිනාකම් මෙයෙහවීමේ ප්‍රථම මූල්‍ය ආයතනය බවට 2020 වසරේදි අප සමාගම පත්විය. ඉතා ඉහළින් අභිප්‍රේරණය කරන ලද සහ කාර්යසාධනය කෙරෙහි ඉතා ඕනෑකමින් කටයුතු කරන පුද්ගලයන්ගෙන් යුක්ත වූ අපගේ කණ්ඩායම විසින් තිරසාර සංවර්ධනය කෙරෙහි වූ අපගේ විධිනියෝගයන් කැපවීමකින් යුතුව අනුගමනය කිරිම හේතුවෙන් එලායන්ස් මූල්‍ය සමාගමේ ඉතා ඉහළ සංඝඨන අරමුණු සහ මධ්‍ය අභිමථාර්තයන් සාක්ෂාත් කරගැනිම සඳහා දිනපතා කාර්යක්ෂම ලෙස උත්සාහ දරමින් සිටින අතර ඒ හේතුවෙන් ජාතික සහ ගෝලීය තිරසාර ප්‍රමුඛත්වයනට දායකත්වය ලබාදිමට හැකිවී ඇත.
අපගේ අරමුණු ප්‍රකාශනය
"තිරසාර මූල්‍යකරණය තුලින්
වඩාත් හිතකර ලොවක්"
අපගේ මධ්‍ය වටිනාකම්
අපගේ පාරිභෝගිකයා අප කෙරෙහි විශ්වාසය තැබීම අවශ්‍යවිම සහ ඔවුන් ප්‍රීතිමත්ව තැබීම
කණ්ඩායම් හැඟීමෙන් වැඩකිරීම අප වඩාත් ශක්තිමත් කරයි
ආචාරධර්ම හා අවංකභාවය ඉතා වැදගත් වේ
අප එකිනෙකාට සහ පරිසරයට ගරුකරමු
අපගේ වැඩකටයුතු සඳහා අප සෑමකෙනෙක්ම වගවිය යුතුය
නව්‍යකරණය සහ වෙනස සඳහා අපි විවෘතව, එඩිතරව හා ලැදියාවකින් කටයුතු කරමු
ත්‍රිත්ව ලභාදයීත්ව ප්‍රවේශය
ත්‍රිත්ව ලභාදයීත්ව ප්‍රවේශය දිගු කාලයක් තිස්සේ අපගේ ව්‍යාපාරික පරිචය තුලට ආවේණික වූවක් වන අතර මෑතකදී, අපගේ තිරසරභාවයේ ක්‍රියාකාරීත්වය එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධනයේ අරමුණු හා යාවත්කාලීන වෙමින් අපගේ අවධානය ජනතාව. මිහිතලය, ලාභය මෙන්ම සාමය හා සම්බන්ධතා තෙක් වර්ධනය කර ඇත්තෙමු.අපගේ කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස ගෝලීය තිරසාර මූල්‍යකරණ නිර්ණායකයක් වන ජාත්‍යන්තර තිරසාර ප්‍රමිතීන් සහ සහතිකකරණ (SSCI) වැඩසටහන යටතේ පූර්ණ තිරසාරත්ව සහතිකයලත් දකුණු ආසියාවේ පළමු මූල්‍ය සමාගම ලෙස පිදුම් ලැබීමටත් හැකිවී ඇත.
ජනතාව
අපගේ ප්‍රයන්තයන් වන්නේ අපගේ මුල්‍ය විසඳුම් තුලින් ජනතාව සවිබලගැන්වීම හා ජනතාවගේ ජීවන තත්වය අපේක්ෂා ඉක්මවා ඉහල නැංවීමටත් පුහුණුව හා සංවර්ධනය, සමාජ සත්කාරක වැඩසටහන් හා සැපයුම් කරුවන් සහසම්බන්ධ කරගැනීමයි.
මිහිතලය
අපගේ උත්සාහයන් වන්නේ, කාබන් පියසටහන අවම කරගැනීම ,ජෛව විවිධත්ව සංරක්ෂණය, පරිසර පද්ධති ප්‍රතිෂ්ඨාපනය, පාරිසරික අවදානම් අවම කිරීම සහ ආරක්ෂාව තුලින් මිහිතලය ආරක්ෂා කරගැනීමයි.
ලාභය
එලායන්ස් හි, සාර්ථකත්වය වන්නේ සැමට එකසේ ජයග්‍රහණයන් ලබාගැනීමට අවස්ථාව ලබාදීමයි. අපගේ වගකීම් සහගත මුල්‍ය සේවාවන් මගින් සියල්ලන්ටම ලබාගතහැකි මුල්‍ය පහසුකම් සැපයීමෙන් ජීවන තත්වය උසස් කරලමින් අදායම් වර්ධනය කිරීමයි.
අප යන මාවතේ වාර්තා
අපි අවුරුදු 60 ක් තිස්සේ පරම්පරා හතරකට සේවය කර තිබෙනවා. සහ ශ්‍රී ලංකාවේ 2 වන පැරණිතම මූල්‍ය සමාගම ලෙස. අපේ සදාකාලික මිත්‍රත්වයේ කතාවකි. විශ්වාසය හා අඛණ්ඩතාව මත ගොඩනගා ඇති ව්‍යවසායක් සහ වර්ධනය සහ සමෘද්ධිය පෝෂණය කිරීම සඳහා අපගේ ගනුදෙනුකරුවන් සමඟ හවුල් දැක්මක්.
ස්ථිරසාර සහ සවිමත් ශ්‍රී ලංකාවේ පැරණිතම බැංකු නොවන මූල්‍ය සමාගම ලෙස, අපගේ කථාවේ හරය කල්පවත්නා සබැඳියාවන් පිලිබඳවයි. දශක හයකට අධික කාලයක්, පරම්පරා හතරකට සේවය සලසමින්, නව්‍යකරණය හරහා නිරන්තරයෙන් අලුත් වන සේවාවන් සමග, නව පරපුරේ වෙනස්වන අනාගත මූල්‍ය අවශ්‍යතා ඉටු කරලීමට හැඩ ගැසෙමින්, අපි, දේශය ගොඩනැංවීමට අපගේ යුතුකම් කොටස ඉටු කරමින් සිටින්නෙමු.
ලැයිස්තුගත පොදු සමාගමක් බවට පත් වීම
එලායන්ස් ෆයිනෑන්ස් සමාගම කොලඹ තැරැව්කරුවන්ගේ සංගමයේ (කොලඹ කොටස් වෙළඳපොල පිහිටුවීමට ප්‍රථමයෙන්) ලැයිස්තුගත පොදු සමාගමක් බවට පත් වීම
ලැයිස්තුගත පොදු සමාගමක් බවට පත් වීම
තිරසාරත්වය හා අනුගත වීම
ජනතාව, මිහිතලය සහ ලාභය යන ත්‍රිත්ව ලාභදායීත්ව සංකල්පය විධිමත් පරිදි ආයතනගත කිරීම
තිරසාරත්ව සහතිකය
තිරසාරත්ව ප්‍රමිතීන් සහ සහතිකකරණ වැඩසටහන යටතේ, 4වන මට්ටමේ, පූර්ණ තිරසාරත්ව සහතිකය ලත්, දකුණු ආසියාවේ ප්‍රථම, අගය මත පදනම් වූ මූල්‍ය සමාගම බවට පත්වීම.
තිරසාරත්ව සහතිකය
පුරෝගාමී ජයග්‍රහණයන්
අපගේ කැපවීම, විශිෂ්ඨත්වය සඳහා වන අතර අපගේ උත්සාහය වනුයේ අපට ප්‍රධානය කෙරෙන ජාතික හා ජාත්‍යන්තර සම්මාන දිනා ගනිමින් යහපත් හෙටක් තැනීම සඳහා ක්‍රියාශිලී වීමයි
එලායන්ස් සමූහය
Alfinco Insurance brokers
අපගේ පරිපාලිත සමාගමක් වන Alfinco Insurance Brokers” සේවාදායකයන් රක්ෂණ ඔප්පුව තෝරාගැනීමේ සිට නැවත අලූත්කිරිම සහ හිමිකම් ගෙවිම දක්වා රක්ෂණ කාර්යයන් ඇගයීම හා හැසිරවීම කරනු ලබන බැවින් සේවාදායකයාට ඒ සඳහා අනවශ්‍ය බරක් දැරීමට සිදු නොවී තම ව්‍යාපාරික කටයුතු වලට නියැලිමට හැකියාව ලැඛෙනු ඇත. නිදහස් වෘත්තීය සේවා සපයන්නෙකු වශයෙන් අපගේ සේවාවන් වන්නේ රටේ ප්‍රධානතම රක්ෂණ සපයන්නන් සමග ජීවිත සහ සාමාන්‍ය රක්ෂණ වර්ගයන් පිළිබඳව සාකච්ඡා කර වෙළඳපලේ හොඳම නියමයන් කොන්දේසි ලබාගැනීම, තම අවදානම අවම කරගැනිම සහ රක්ෂණයට අදාල අනෙකුත් සියළුම කරුණු ද ඇතුළුව සේවාදායකයාට උපදෙස් ලබාදිම වේ.
MACBERTAN (PVT) LTD
සීමාසහිත මැක්බර්ටන් පුද්ගලික සමාගම (Macbertan (Pvt) Ltd.) සමුහයේ ආශ්‍රීත සමාගමක් වන සීමාසහිත මැක්බර්ටන් පුද්ගලික සමාගම ඉන්සියුලේෂන් විසඳුම් සහ සුනම්‍ය ඇසුරුම්කරණය (insulation solutions and flexible packaging) නිශ්පාදනය කරන පුමුඛ පෙළේ සමාගමකි. තම නිශ්පාදන කටයුතු ව්‍යාප්ත කරමින් පොලිතිලීන් සහ බබල් (bubble) තහඩු නිශ්පාදනය අරම්භ කල පුරෝගාමි ආයතනයකි. එය අදාල කර්මාන්තයන්ගේ දැවැන්තයින් වන එලායන්ස් ෆිනෑන්ස් සහ මැක්ලරන්ස් හෝල්ඩින් ලිමිටඩ් (McLarens Holdings Limited) යන සමාගම් අතර ක්‍රියාත්මක වන බද්ධ ව්‍යාපාරයකි.
අධ්‍යක්ෂ මණ්ඩලය
තමරා ධර්මකීර්ති හේරත් මහත්මිය
සභාපතිනි
රොමානි ද සිල්වා මහතා
නියෝජ්‍ය සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂක
W.P.K. ජයවර්ධන මහතා
නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂක
ප්‍රියන්ති ද සිල්වා මහත්මිය
විධායක නොවන අධ්‍යක්ෂක
ආයතනික තොරතුරු
සමාගමේ නම
එලායන්ස් මුල්‍ය සමාගම පී එල් සී
සංස්ථාපිත තත්ත්වය
- ප්‍රකාශිත පොදු සීමිත වගකීම් සමාගම
- 1958 අංක 51 දරණ සමාගම් ආඥාපනත යටතේ සංස්ථාපිත කරන ලදී
- 2007 අංක 7 දරණ සමාගම් පනත යටතේ ලියාපදිංචි කරන ලදී
පහත සඳහන් පනත් යටතේ අනුමත කර ලියාපදිංචි කර ඇත
- 2011 අංක 42 දරණ මූල්‍ය ව්‍යාපාර පනත
- 2000 අංක 56 දරණ මුදල් බදු පනත
- 1949 අංක 6 දරන උකස් පනත යටතේ අනුමත ණය නියෝජිත
- 1947 අංක 12 දරණ භාරකාර ලැබීම් ආඥාපනත
ස්ථාපිත කල දිනය
- 1956 ජූලි 18
ව්‍යාපාර ලියාපදිංචි අංකය
- No. PQ 93
ලියාපදිංචි කාර්යාලය
- එලායන්ස් නිවස
- 84. වෝඩ් පෙදෙස, කොළඔ 07, ශ්‍රී ලංකාව
- දුරකථන: 011-2673673
- ෆැක්ස්: 011-2697205
- විද්‍යුත් තැපෑල: info@alliancefinance.lk
වෙබ් අඩවිය
අධ්‍යක්ෂක මණ්ඩලය
- තමරා ධර්මකීර්ති හේරත් මහත්මිය-සභාපතිනි
- රොමානි ද සිල්වා මහතා- නියෝජ්‍ය සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂක
- W.P.K. ජයවර්ධන මහතා - නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂක
- ප්‍රියන්ති ද සිල්වා මහත්මිය - නිදහස් විධායක නොවන අධ්‍යක්ෂිකා
- L.J.H. ද සිල්වා මහතා - නිදහස් විධායක නොවන අධ්‍යක්ෂක
- ලසන්ත හෙට්ටිආරච්චි මහතා - නිදහස් විධායක නොවන අධ්‍යක්ෂක
උපදේශක මණ්ඩලය
- B. පොන්නම්බලම් මහතා
- K.S.K. ද සිල්වා මහත්මිය
- K. කනග් ඊස්වරන් මහතා (LLB) ලන්ඩන් INN අධිනීතිඥ (ජනාධිපති නීතිඥ)
විගණන කමිටුව
- ප්‍රියන්ති ද සිල්වා මහත්මිය - සභාපතිනි
- T. ධර්මකීර්ති හේරත් මහත්මිය - සාමාජික
- L.J.H. ද සිල්වා මහතා - සාමාජික
පාරිශ්‍රමික කමිටුව
- L.J.H. ද සිල්වා මහතා - සභාපති
- T. ධර්මකීර්ති හේරත් මහත්මිය - සාමාජික
- ලසන්ත හෙට්ටිආරච්චි මහතා - සාමාජික
ඒකාබද්ධ අවදානම් කළමණාකරන කමිටුව
- T. ධර්මකීර්ති හේරත් මහත්මිය - සභාපතිනි
- ප්‍රියන්ති ද සිල්වා මහත්මිය - සාමාජික
- රොමානි ද සිල්වා මහතා-සාමාජික
- මහින්ද ගුණසේකර මහතා - සාමාජික
- කුසල් ජයවර්ධන මහතා - සාමාජික
CXO’s by invitation
අදාල පාර්ශව ගණුදෙනු කමිටුව
- T. ධර්මකීර්ති හේරත් මහත්මිය - සභාපතිනි
- L.J.K. ද සිල්වා මහතා - සාමාජික
- ලසන්ත හෙට්ටිආරච්චි මහතා - සාමාජික
විගණකවරු
- Baker Tilly Edirisinghe& Co.
- වරලත් ගණකාධිකාරිවරු
- 45, දෙවන මහල, බේබෘෘක් වීදිය,
- කොළඹ 02.
නීති උපදේශකයෝ
- ගුණවර්ධන සහ රණසිංහ ඇසෝසියේට්ස්
ලේකම්වරු
- Alliance Management Services (Pvt) Ltd.,
- එලායන්ස් නිවස
- අංක 84, වෝඩ් පෙදෙස,
- කොළඹ 07.
බැංකුකරුවෝ
- සම්පත් බැංකුව
- සෙලාන් බැංකුව
- Public Bank Berhad.
- හැටන් නැෂනල් බැංකුව
- කොමර්ශල් බැංකුව
- ලංකා බැංකුව
- නේෂන්ස් ට්‍රස්ට් බැංකුව
- NDB බැංකුව
- කාගිල්ස් බැංකුව
- DFCC බැංකුව
- ජාතික ඉතිරිකිරීමේ බැංකුව
ප්‍රධාන ක්‍රියාකාරකම්
-
මූල්‍ය බදු ලබාදීම, රන් ණය, වාහන හුවමාරුව,
ස්ථාවර තැන්පත් භාරගැනීම, ඉතුරුම් යෙදවීම,
අනෙකුත් ණය පහසුකම් සහ සේවාවන්
ණය ශ්‍රේණිගතකිරීම
- Lanka Rating Agency මගින් (SL) BBB- ස්ථාවර ශ්‍රේණිගත කිරීම ලබා ඇත
පරිපාලිත සමාගම්
- Alfinco Insurance Brokers (Pvt) Ltd.
ආයතනික හා ආශ්‍රීය සාමාජිකත්වයන්
- The Finance Houses Association of Sri Lanka
- Leasing Association of Sri Lanka
- Credit Information Bureau of Sri Lanka
- Financial Ombudsman-Sri Lanka
- Biodiversity Sri Lanka (Patron Member) {Business and Bio diversity platform}
- CSR Sri Lanka
- Association for Development Finance Institutions in Asia and the Pacific (ADFIAP), The Philippines