Call Us:

අපේ ඉතිහාසය

අපේ ඉතිහාසය: එලායන්ස් ෆිනෑන්ස්

ශ‍්‍රී ලංකාවේ පැරණිතම මූල්‍ය සමාගම වන අපගේ ඉතිහාසය වසර හැටපහකට අධික කාලයක් පුරාවට දිවෙන්නක් වන අතර විශ්වාසය, අවංකභාවය සහ ස්ථාවරත්වය නියෝජනය කරන වෙළෙඳ නාමයක් ලෙසින් පරම්පරා හතරකට මූල්‍ය සේවා සපයමින්, ඔවුන්ගේ ජීවන තත්වය නංවාලීමට නිරන්තරයෙන් සහාය වූ ආයතනයක් වන්නෙමු.

එලායන්ස් ෆිනෑන්ස් වර්ෂ 1956 ජූලි 18 වන දින එහි නිර්මාතෘවරුන් වන සභාපති අර්ඞ්ලි ඩි සිල්වා සහ සම නිර්මාතෘ ඞී.එෆ්. ඩබ්ලිව් පෙරේරා යන මහත්වරුන් විසින්, ”වියදමට පෙර උපයන්න – අනුන් ගැන පලමුව සිතන්න” යන තේමා පාඨය යටතේ ස්ථාපිත කරන ලදී. මෙම තේමාව එයින් පසු වසර ගණනාවක් පුරාවට අපගේ ව්‍යාපාරයට මග පෙන්වීමක් ලබා දෙමින්, ත‍්‍රිත්ව ලාභාදායීත්ව සංකල්පය ලෝකයේ ප‍්‍රසිද්ධ සංකල්පයක් වීමට පෙර මූල්‍ය ක්ෂේත‍්‍රයේ ප‍්‍රථමයෙකු ලෙස ශ‍්‍රී ලංකාවට හඳුන්වාදීමට ද හේතු පාදක විය.

එසේම අද වන විට ජයග‍්‍රහණය මුලකොටගත් ප‍්‍රවේෂයකින් යුතු අපගේ උපායමාර්ගික සැලැස්ම ,ලෝකය වඩාත් යහපත් තැනක් බවට පත් කරලීම, සඳහා අපට මගපෙන්වයි. අපගේ ඉලක්කය වන්නේ මූල්‍ය සමානාත්මතාවය ඇති කිරීමත් ආර්ථික විෂමතා තුරන් කරලීමට සහාය වීමත් වන අතර ඒ සඳහා ජාත්‍යන්තර වැඩසටහන් සහ ප‍්‍රමිතීන් හා අනුගත වීමත්ය.

වර්තමානයේ එලායන්ස් ෆිනෑන්ස් සමාගම විවිධාංගීකරණය වූ ව්‍යාපාර සමූහයක් වන අතර 100,000ට අධික තනි පුදගලයින්, ක්ෂුද්‍ර ව්‍යවසායකයින් සහ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වලින් හෙබි ගනුදෙනුකරුවන් පිරිසකට දිවයින පුරා විහිදි 86 ට අධික ශාඛාවන් සමූහයකින් සේවා සපයන, සුවිශේෂී ව්‍යාපාරික ආකෘතියක් හරහා තිරසාර වටිනාකම් නිර්මාණය කරන ආයතනයකි.

අප ගමන් මග වාර්තා

1956

එලායන්ස් ෆිනෑන්ස් සමාගම (AFC) 1956 ජූලි 18 වන දින ස්ථාපිත කරන ලදී

1959

කොළඔ තැරැව්කරුවන්ගේ සංගමයේ කොටස් වෙළඳපළ ගණුදෙනුවලට සම්බන්ධවීම ( කොළඔ කොටස් වෙළඳපල ආරම්භ කිරිමට පෙර )

1981

එලායන්ස් ෆිනෑන්ස් සමාගම (AFC) රිදී ජුබිලිය සැමරීම

1995

ව්‍යවසායකයන් සඳහා මූල්‍ය සහයෝගතාවය, මූල්‍යමය භාවිතාකරණයන් පිළිබඳ සංකල්පය හඳූන්වා දීම

1998

Alfinco Insurance Brokers ස්ථාපිත කිරීමට දායකත්වය දීම

2000

DNV විසින් ප්‍රධානය කරනු ලබන ISO 9001:1994 තත්ත්ව සහතික ලැබූ ප්‍රථම මූල්‍ය ආයතනය බවට පත්වීම ( පසුකාලීනව ISO 9001: 2015 තත්ත්වයට උසස්කරණ ලදී)

2003

ප්‍රථම මුදල් එකතුකිරීමේ මධ්‍යස්ථානය කුරුණෑගල දී විවෘත කිරීම.
තැන්පත් කරුවන්ට ක්ෂණික මුදල් ණය සැලසුම ආරම්භ කිරීම.

2005

ඉතිරි කිරීමේ ගිණුම් හඳුන්වා දුන් ප්‍රථම මූල්‍ය ආයතනය වීම

2008

රන් ණය උකස් සේවාව ආරම්භ කිරීම

2012

කණ්ඩායම තුළ ත්‍රිත්ව ඵලදායිතා චින්තනය ( මිනිසා. පරිසරය හා ලාභය) විධිමත් ලෙස ක්‍රියාත්මක කිරීම

2013

ක‍ෂුද්‍ර මූල්‍ය (Micro Finance) අංශය ආරම්භකිරීම. හොඳම නවෝත්පාදන තිරසාර මූල්‍ය සේවා කුසලතා සම්මානය, දිනාගැනීම
EOSD විශ්ව තිරසාරමය මූල්‍ය සම්මානය - ජර්මනිය.

2014

හරිත නායකත්ව ජයග්‍රාහකයා : ආසියානු වගකීම් සහගත ව්‍යවසායකත්ව සම්මානය සිංගප්පූරුව

2015

එලායන්ස් මූල්‍ය සමාගමේ ත්‍රිත්ව ඵලදායිතා චින්තනය පාදක කරගත් ආරම්භක උපායශීලී විදේශ අරමුදල් මාර්ගය වෙනුවෙන් නෙදර්ලන්තයේ ට්‍රියෝඩෝස් බැංකුවේ ගෞරවාන්තිත සම්මානය ලබාගැනීම

2016

නෙදර්ලන්තයේ Steward Red Queen වෙතින් ESMS ලබාගැනීම

2017

CSE ඉතිහාසයේ ප්‍රථම වතාවට පිළිවෙලින් කොටස් ප්‍රතිවිභාජනය ආවරණය කිරිම, සංචිතයන් ප්‍රාග්ධනගත කිරිම හා කොටස් නිකුතුවේ අයිතිය හැසිරවීමට එලායන්ස් මූල්‍ය සමාගමට හැකිවීම.
ICRA ලංකා වෙතින් ශක්තිමත් දර්ශනයක් සමගින් BBB ආයෝජන ශ්‍රේණි ණය අනුපාතිකතාව සුරක්ෂිත කිරීම.
නෙදර්ලන්තයේ ටි්‍රයෝඩෝස් බැංකුවේ DFI නාමයලත් ත්‍රිත්ව ඵලදායිතා චින්තනය වෙතින් ප්‍රථම ඇමරිකානු ඩොලර් උපකාරක ණය එලායන්ස් මූල්‍ය සමාගම ලබාගැනීම.
SDGs සහ පැරිස් කාලගුණ (Paris Climate Change) ගිවිසුම කරායාමේ දායකත්වය ලබාගැනීමේ කාල්ෂෘහේ විසඳුමේ ප්‍රතිඥාව (Karlsruhe resolution pledging) අත්සන් කිරීම.

2019

2019 පිලිපීනයේ පැවති ADFIAP සම්මාන උළෙලේදී විශිෂ්ට සංවර්ධන ව්‍යාපෘති සම්මාන යටතේ කුසලතා සම්මානයක් දිනා ගන්නා ලදී.

තිරසාර මුලපිරීම් සඳහා වාර්තාගත ඉහළම ලාභ වෙන් කිරීම (පෙර වසරේ ලාභයෙන් 4% කට වඩා)

ආසියා පැසිෆික් කලාපයේ සංවර්ධන මූල්‍ය ආයතන සංගමයේ (ADFIAP) සහ ජෛව විවිධත්ව ශ්‍රී ලංකාවේ සාමාජිකත්වය ලබා ගන්නා ලදී.

සමාගම් ප්‍රකාශයන් සංශෝධනය කර එක් අරමුණ ප්‍රකාශයක් සම්මත කර ඇත

"එකමුතුව සඳහා ගස් මිලියනයක්" ව්‍යාපෘතිය දියත් කරන ලදී

"ඇත් පවුර" සමාජ ව්‍යාපාර සංවර්ධන වේදිකාවට සම්බන්ධ විය

ත්‍රිරෝද රථ ව්‍යාපෘතිය සඳහා අඩු වායු විමෝචන කට්ටලයක් ආරම්භ කරන ලදී

ඕමානයේ ADFIAF සම්මාන උළෙලේදී දේශීය ආර්ථික සංවර්ධනය සඳහා කුසලතා සම්මානයක් ලබා ගන්නා ලදී

2020

ජර්මනියේ, කාල්ෂෘහේ, තිරසාර මූල්‍ය සම්මාන උළෙලේ දී විශිෂ්ඨතම තිරසාර අරමුණු ඉටුකරගැනීම වෙනුවෙන් කුසලතා සහතිකය දිනාගැනීම.

එලායන්ස් මූල්‍ය සමාගමේ Digital මධ්‍ය්ස්ථානය ස්ථාපිත කිරීම.

රක්ෂණ හා මූල්‍ය ක්ෂේත්‍රය යටතේ ACCA තිරසාරමය සම්මානය දිනාගැනීම.

විශිෂ්ඨත්වය සඳහා වන CMA ඒකාබද්ධ වාර්තාකරණ සම්මාන උළෙලේ දී කුසලතා සහතිකය දිනාගැනීම - 2019.

සිංගප්පූරුවේ පැවති ආසියානු තිරසාරමය වාර්තාකරණ සම්මාන උළෙලේ දී සාර්ථකත්වය හිමිිකරගැනීමේ සහතිකය දිනාගැනීම.

2021

ජර්මනියේ වටිනාකම් මෙහෙයුම් මූල්‍ය ආයතන සඳහා තිරසාරමය ප්‍රමිතීන් පිළිබඳ ජාත්‍යන්තර කවුන්සිලය මගින් පිරිනමනු ලබන ලෝක ව්‍යාප්තව පිළිගත් SSCI (තිරසාරමය සම්මුතීන් සහ සහතිකකරණ ආරම්භය) වෙතින් පිරිනමනු ලැබූ තිරසාරමය සහතික ලත් ආයතන පිළිබඳ ගෞරවනීය තත්ත්වය සාක්ෂාත් කරගත් ශ්‍රී ලංකාවේ ප්‍රථම මූල්‍ය සමාගම බවට පත්වීම.

එලායන්ස් මූල්‍ය සමාගමේ " එකමුතුකම සඳහා ගස් මිලියනයක් " ව්‍යාපෘතිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා මාර්ග සංවර්ධන අධිකාරිය සමග සම්බන්ධ වී අධිවේගී මාර්ගය දෙපස සහ හුවමාරු මධ්‍යස්ථානවල ගස් 75000 ක් සිටුවීම.

 EOSD විසින් සංවර්ධනය කරනු ලැබූ සැබවින්ම පරිපූර්ණ, විකාශනය වන සහ දේශීය වශයෙන් සංවේදී ප්‍රමිතීන් පිළිබඳ ප්‍රථම ලෝක ව්‍යාප්ත ආරම්භක සම්පාදනය වන මූල්‍ය සංවර්ධන 4.0 පිළිගනු ලැබූ ශ්‍රී ලංකාවේ සහ ගිණිකොන ආසියාවේ ප්‍රථම සමාගම බවට පත්වීම

 එලායන්ස් මූල්‍ය සමාගමේ එකමුතුකම සඳහා ගස් මිලියනයක් " ව්‍යාපෘතිය https://afcdalu.com/ සඳහා ආරම්භ කිරීම.

නිෂ්පාදනයක් ගැන විමසීමක්

    හෝ උදව්වට අපව අමතන්න

    Inquiry about a product

      or call us for assistance

      Inquiry about a product

        or call us for assistance

        ×
        This site is registered on wpml.org as a development site.