තිරසාර බව
එලායන්ස් මූල්‍ය සමාගමේ අද්විතීය විශේෂිතවූ තිරසාර ව්‍යාපාරික අනුරුව
“තිරසාර මූල්‍යකරණය තුලින් වඩාත් හිතකර ලොවක් ” යන අපගේ අරමුණ පෙරදැරි කරගෙන එලායස්න් ෆිනෑන්ස් සමාගම මූල්‍ය, සමාජ හා පාරිසරික තිරසාරත්වයට අනුකූල වන පරිදි ” තිරසාරමය ” යන වචනයේ සැබෑ අරුත ජාත්‍යන්තර වශයෙන් වටහාගැනීමටත් පෙර අප සමාගමටම අවේනික වූ විශේෂිත ව්‍යාපාරික අනුරුවක් ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා ක්ෂේත්‍රයට ලබා දී ඇත. සමාගමේ ආරම්භකයින් ආයතනයට අනුගතකල සාරධර්ම වටිනාකම් වලට අනුගතවෙමින් 2012 වනවිට ත්‍රිත්ව ඵලදායිතා චින්තනයට ළඟවීම තුළින් එලායස්න් ෆිනෑන්ස් සමාගම දශකයක සිටම පිරිපුන් තිරසාරත්වයේ දර්ශනයට අනුගතවෙමින් සිටින බව පැහැදිලිය. මෙම කාලය තුළදී සමාගමයේ සියළුම අංශයන් මෙන්ම සාමාජිකයින් ද ආයතනික සමාජ වගකීම් රාමුවෙන් ඔබ්බට යමින් ව්‍යාපාරික ව්‍යවහාරයන්, කාර්යභාරය සහ වගකීම් තිරසාරත්වයේ හරයට මුසුකිරීමට හැකිවනු පිණිස බොහෝ කටයුතු කරන ලදී, එලායන්ස් ෆිනෑන්ස් සමාගමේ අප විශ්වාස කරන්නේ යෙදවුම්, අභ්‍යන්තර ක්‍රියාවලිය සහ පාරිභෝගිකයා සමග කෙරෙන කටයුතු වල සිට නිමැවුම් දක්වා වන සියළු ව්‍යාපාරික කටයුතු තිරසාරත්වය සඳහා අවශ්‍යකරන කොටසක් බවය. එම නිසා, අපව මෙහෙයවන නව අරමුණු ප්‍රකාශනයක් සහ ඉහළ බලපෑමක් කලහැකි පරමාර්ථයන් තිරසාරත්වයට අනුගත කිරීමට හැකිවනු පිණිස අපගේ ආයතනික උපායශීලිභාවය 2018 දී අප විසින් සංශෝධනය කරන ලදී. අපගේ අරමුණු සහ ඉහළ පරමාර්ථවල බලපැවැත්ම නිවැරදිව අවබෝධ කරගෙන කටයුතු කිරීම සඳහා 2020 දී තිරසාරත්වයේ ප්‍රමිතීන් සහ සහතිකකරණය ස්ථාපිතකිරීම පිළිගැනීමට අනුකූලතාවය දක්වමින් ජාත්‍යන්තර තිරසාරත්ව හොඳම ක්‍රියාමාර්ගයන්ට අනුකූල වන ප්‍රමිතීන්ට අප අනුගත වන ලදී,
එලායන්ස් ෆිනෑන්ස් සමාගමේ සියළුම පාර්ශ්වයන්ට සුභවාදි බලපෑමක් ගෙනදීම සඳහා මෙය හොඳ වටිනාකම් ඇතිකිරීමක් වනු ඇත. එය සමාගම විසින් තම කාර්යභාරය ඉටුකිරීම ද, සම ආර්ථීක අවස්ථාවන් වැඩිකිරීම හා සමාජ ආර්ථීක විෂමතාවන් අඩුකිරීම ද, ජාතියේ සර්ව ආර්ථීක ප්‍රගතියට දායකත්වය ලබාදීමද හේතු වන්නේය. තවද එය, පරිසරය සුරැකීම ද ජාතික සාමය, එකමුතුකම සහ හවුලේ වැඩ කිරීම යන පුළුල් අරමුණු වලට දායකත්වය ලබාදීම පිළිබඳව ද වේ.
මෑතකදී ආරම්භ කරන ලද ව්‍යාපෘතියේ වැදගත්කම මතු කර දැක්වීම – www.afcdalu,com
තිරසාරත්වය මතුකර පෙන්වනු ලබන ව්‍යාපාර දර්ශනය
එලායන්ස් මූල්‍ය සමාගම මෙහෙයවනු ලබන්නේ ජාතික සහ ගෝලීය තිරසාරත්වයේ පුමුඛතාවන් කෙරෙහි ඍජු දායකත්වය ක්‍රමවත්ව දක්වන ව්‍යාපාර දර්ශනයක් මගිනි. සමාගමේ ආයතනික උපායශීලිවලට අනුකූලතාවය දක්වමින් අභ්‍යන්තර ක්‍රියාකාරිත්වයන් බලගන්වමින් සහ තිරසාර වටිනාකම් ඇතිකිරීම උපරීම කිරීම සඳහා හොඳම ජාත්‍යන්තර ක්‍රියාකාරකම් සහ සම්මතයන් ද, තිරසාරත්වයේ මූලධර්ම ද මේ සඳහා මගපෙන්වනු ඇත.
ත්‍රිත්ව ඵලදායිතාවයට ප්‍රවිෂ්ඨය
මූල්‍ය විසඳුම් සහ ජනතාව, විශ්වය සහ ලාභය ධනාරෝපය කිරීම සඳහා තාක්ෂණය බලගැන්වීම හරහා තිරසාර පැවැත්මට පහසුකම් ඇතිිකිරීම තුළින් එලායන්ස් මූල්‍ය සමාගම ප්‍රමුඛතම මුල්‍ය ආයතනය බවට පත්වීමට උත්හාහ දරමින් සිටී. ඒ අතරම, අවශ්‍යකරන සියළුම සේවාවන්, විෂයයන් සහ වගකිවයුතු මුල්‍ය සේවාවන් ඉටුකිරීම, සාමය, එකමුතුව සහ අවශ්‍ය කරන සියළුම සේවාවන් විෂයයන් සඳහා එකමුතුව වැඩකිරීම ආරක්ෂා කරන අතරතුර ත්‍රිත්ව ඵලදායිතාවය සඳහා වන අපගේ කැපවීම ප්‍රගුණ කිරීම තුළින් එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන අරමුණු කෙරෙහි දායකත්වය ලබාදීමට ද අපි ඉලක්ක කරන්නෙමු.
තිරසාරත්ව සහතිකකරණය
2017 වසරේදි, ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනය කෙරෙහි දැක්වූ කැපවීම හා දායකත්වය අගය කරමින් 2020 වසරේ දී, ජර්මනියේ කාර්ල්ෂෘහේ තිරසාර
මූල්‍ය වැඩමුළුවේදී (Karlsruhe Sustainable Finance Forum) වටිනාකම් මෙහෙයුම් මූල්‍ය ආයතන ( Value-Driven Financial Institutions ) සඳහා තිරසාරමය ප්‍රමිතීන් පිළිබඳ ජාත්‍යන්තර කවුන්සිලය මගින් වැඩිදියුණු කරන ලද හා ප්‍රවර්ධනය කරන ලද තිරසාරමය සම්මුතීන් සහ සහතිකකරණය ආරම්භය (SSCI) එලායන්ස් මූල්‍ය සමාගමට ලබාදෙන ලදී. තිරසාර මූල්‍යකරණය පිළිබඳ ශ්‍රී ලංකාව සහ දතුණු ආසියානු කළාපය තුළ වැදගත් සන්ධිස්ථාන සනිටුහන් කරමින් තිරසාරමය ප්‍රමිතීන් අනුගමනය කරමින්, ව්‍යපාරකරණයෙහිලා කරන ලද විශිෂ්ඨ ක්‍රියාදාමය සඳහා සාකල්‍ය තිරසාරමය සහතික ලත් ආයතන පිළිබඳ ගෞරවනීය තත්ත්වය සාක්ෂාත් කරගත් දකුණු ආසියාවේ ප්රථම මූල්‍ය සමාගම බවට පත්වීමට එලායන්ස් මූල්‍ය සමාගමට හැකිවිය.
මෑත කාලීන ව්‍යාපෘති ඉස්මතු කිරීම්
ජෛව විවිධත්ව සංරක්ශණය සහ පරිසර පද්ධති ප්‍රතිෂ්ඨාපනය කිරීමේ ව්‍යාපෘති
කඳුකර දිවියන් සංරක්ෂණ කිරීමේ ව්‍යාපෘතිය
ප්‍රවීණ සංරක්ෂණවේදීන් සහ දිවියන් පිළිබඳ විශේෂඥයින් දෙපලක් වන ආචාර්ය ඇන්ඩෘ කිට්ල් සහ අංජලී වොට්සන් මහත්මිය විසින් ආරම්භ කරන ලද වනාන්තර සහ සහ වනජීවීන් සංරක්ෂණය කිරීමේ පදනම (WWCT) හරහා ඔවුන් විසින් දියත් කර ඇති Peak Ridge වනාන්තර කොරිඩෝව සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා ඔවුන්ගේ මූල්‍ය සහකරු ලෙස සම්බන්ධ වීමට අප ආයතනයට අවස්ථාව ලැබිනි. මෙම සහයෝගීතාවයේ පරමාර්ථය වන්නේ කඳුකර දිවියන් ආරක්ෂා කිරීම , දිවි-මිනිස් ගැටුම් අවම කිරීම සහ ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ මෙම තෝරාගත් ප්‍රදේශයේ පරිසර පද්ධතිය ප්‍රතිෂ්ඨාපනය කිරීමයි.
විශේෂ අවස්ථා
ශී‍්‍ර ලංකාවේ තිරසාර මූල්‍යකරණය පිළිබඳ එලායන්ස් මූල්‍ය සමාගමේ මිණුම් සළකුණ
ශී‍්‍ර ලංකාව සහ කළාපයේ තිරසාර මූල්‍යකරණයේ වැදගත් සන්ධිස්ථානයන් සළකුණු් කිරීම- ජර්මනියේ කාර්ල්ෂුහී පැවති ලෝක සංවර්ධන මූල්‍ය වැඩමුළුවේදී, තිරසාරත්වය පිළිබඳ විශ්ව පුරෝගාමී ප‍්‍රමිතිය සහ සහතිකකරණ ආරම්භය (SSCI) යටතේ පිරිපුන් තිරසාරමය සහතිකලත් මූල්‍ය ආයතනයක් වශයෙන් ගෞරවනීය තත්ත්වය සාක්ෂාත් කරගත් දකුණු ආසියාවේ ප්රථම මූල්‍ය සමාගම බවට එලායන්ස් මූල්‍ය සමාගම පත්වීම (SSCI)ෂ යනු මූල්‍ය සමාගම් සඳහා සමාජ හා පාරිසරික තිරසාරත්වය පිළිබඳව පිරිපුන් සංකලනය වීමක් සඳහා සහ ආයතනයේ ව්‍යුහය තුළ දීර්ඝ කාලීන ප‍්‍රථිඵල අපේක්ෂාවෙන් නව්‍ය සොයාගැනීම් සඳහා මෙහෙයවනු ලබන සීමිත රාමුවක් ගුළ නිර්මාණය වූ ප‍්‍රථම ලෝක ව්‍යාප්ත ප‍්‍රමිතියයි. එය ආයතනවලට ආදායම් උපදවීමේ උල්පත් පාදාදීම සහ ඒ සඳහා අවස්ථාවන් සලසන අතර සාර්ථක සමාජ හා පාර්සරික බලපෑමි නිර්මාණය කල හැකි මූල්‍ය ව්‍යාපාර සහ ව්‍යපෘතීන්ට අරමුදල් සපයා ගැනීම කරනු ලබයි. එලායන්ස් මූල්‍ය සමාගමේ මෙම කාර්ය සහ උපායශීලී බව එක්සත් ජාතීන්ගේ ලෝකව්‍යාප්ත තිරසාර සංවර්ධන අරමුණු (SDGs) සහ ජාතික සංවර්ධන න්‍යාපත‍්‍ර‍්‍රයන්ට අනුකූලවන බවට සහතික වනු ඇත.
තිරසාරභාවය සහතික කිරීම
ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනය සඳහා වන කැපවීම සහ දායකත්වය හඳුනා ගනිමින්, වටිනාකම් මත පදනම් වූ මුල්‍ය ආයතන සඳහා වන තිරසාරත්ව ප්‍රමිතීන් පිළිබඳව ජාත්‍යන්තර කවුන්සිලය ජර්මනියේ කාර්ල්ෂු තිරසාරත්ව සමුළුව වර්ෂ 2017 දී එලායන්ස් ෆිනෑන්ස් සමාගම තිරසාරත්ව ප්‍රමිතීන් හා සහතිකකරණ වැඩපිළිවෙලට සහභාගී කරගන්නා ලදී.වර්ෂ 2020 දී දීර්ඝ ක්‍රමානුකුල ක්‍රියාවලියක් තුලින් තිරසාරත්ව ප්‍රමිතීන් ව්‍යාපාරය පරිචය වෙතට අනුබද්ධ කරගැනීම තුලින්, AFC ශ්‍රී ලංකාව සහ කලාපය තුළ තිරසාර මූල්‍යකරණය මිණුම් සලකුණු කරමින් පරිපූර්ණ තිරසාර සහතික කළ මූල්‍ය ආයතනයක් වීමේ කීර්තිමත් තත්ත්වය අත්කර ගත් පළමු දකුණු ආසියානු මූල්‍ය සමාගම බවට පත්විය.
තිරසාර පුවත්
” USAID, Alliance Finance to promote climate proofing investments”
“Planting Trees for a Sustainable Future – AFC’s Treevolution Movement”...
එලායන්ස් ෆිනෑන්ස් සමාගම විසින් afc හපන්නු ළමා ඉතිරිකිරීමේ ගිණුම හා...
තිරසාරමය මූල්‍යකරණය ගෝලීයව මුලපිරීමක් සහ එහි ප්‍රවර්ධනය සඳහා කටයුතු කල...
එලායන්ස් ෆිනෑන්ස් අපි ඔබට උදව් කිරීමට බැඳී සිටින්නෙමු.
ඔබගේ ප්‍රශ්ණ සහ අදහස් උදහස් අපට ඉතා වැදගත්ය. ඔබගේ සියලු විමසීම් සහ අදහස් සඳහා දුරකථන මාර්ගයෙන් හෝ, විද්‍යුත් තැපෑල මාර්ගයෙන් අප හා සම්බන්ධ වන්න.
එලායන්ස් ෆිනෑන්ස් සමාගමේ අපි ඔබට උදව් කිරීමට මෙහි සිටිමු.
- Sed laoreet vestibulum tristique
- Fusce in enim elit.
- Praesent tristique non eros quis lacinia.
- Nullam molestie ut sapien nec ullamcorper.
- Sed laoreet vestibulum tristique
- Fusce in enim elit.
- Praesent tristique non eros quis lacinia.
- Nullam molestie ut sapien nec ullamcorper.
ක්‍රියාශීලී තිරසාරත්වය
අපගේ නවතම පුවත් සහ ප්‍රවර්ධන වැඩසටහන් සමඟ යාවත්කාලීනව සිටින්න
වෙනත් අවශ්‍ය සේවාවක් ලබාගැනීමට තවත් හදාරන්න – වැඩි විස්තර සඳහා
SELECT PRODUCT(S)
ස්ථාවර තැන්පතු ලීසිං රන් ණය
ඉක්මන් මුදල් වාහන විකිණීමට වාහන කුලියට ගැනීම සඳහා රන් ආයෝජන