ව්‍යාපාර දැක්ම
එලායන්ස් මූල්‍ය සමාගමේ ව්‍යාපාරික උපක්‍රමශීලිභාවය
එලායන්ස් ෆිනෑන්ස් අප ආයතනයේ පිලිගත් අගයන් සහ ආචාර ධර්ම අනුව යමින්, අපගේ සියලු පාර්ශවකරුවන් හට ධනාත්මක බලපෑමක් එකතු කිරීමේ අරමුණ උදෙසා වඩ වඩාත් කැපවෙනු පිණිස අපි, සමාජය සහ දේශය ගොඩනැංවීමට උරදිය හැකි, ඉහල බලපෑමක් ඇති කල හැකි ඉලක්ක ව්‍යාපාරය වෙත හඳුන්වා දුන්නෙමු. මෙම ඉලක්ක සහ මුලපිරීම්ල ආයතනික අරමුණු ලඟාකරගැනීම සඳහා සැකසුණු වර්තමාන සහ අනාගත ක්‍රියාකාරකම් සහ අපගේ දිගුකාලීන දර්ශනය ද පිලිඹිබු කරයි. එනිසා මෙම ඉලක්ක සපුරාගැනීම වෙනුවෙන්, අපි තිරසාරත්ව සංකල්ප සමග අනුගත කරන ලද, වටිනාකම් නිර්මාණය කිරීම මත පදනම් වූ උපායමාර්ගික සැලැස්මක් පිලියෙල කලෙමු.
එලායන්ස් මූල්‍ය සමාගමේ අරමුණු ප්‍රකාශනය
" තිරසාර මූල්‍යකරණය තුලින්
ලොව වඩාත් යහපත් තැනක් බවට පත්කිරීමයි "
එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන අරමුණු හා බැඳුනු, ඉහල බලපෑමක් ඇති කල හැකි ඉලක්ක
ඉලක්කය 1
2030 වන විට ශ්‍රී ලංකාවේ ජාතික කාබන් පියසටහන CO2Mt 120,000කින් අඩු කිරීම.
ඉලක්කය 2
තවද, මූල්‍ය ඇතුළත් කිරීම් ඇති කිරීම සඳහා කවුන්ටරයෙන් සහ නව්‍ය නිෂ්පාදන හරහා අඩු ආදායම්ලාභී කොටස් වෙත ණය දීමේ සේවා වසර 5ක් තුළ රුපියල් බිලියන 50කින් පුළුල් කරන්න.
ඉලක්කය 3
නව්‍ය රන් ආයෝජන, ළමා හා සාමාන්‍ය ඉතුරුම් සහ ඩිජිටල් ගනුදෙනු නිෂ්පාදන හරහා වසර 5ක් තුළ ග්‍රාමීය ජනතාවගේ සහ දරුවන්ගේ ඉතුරුම්, ආයෝජන සහ ඩිජිටල් ගනුදෙනු රුපියල් බිලියන 10කින් වැඩි දියුණු කිරීම.
ඉලක්කය 4
2025/2026 FY වන විට MSME ව්‍යවසායකයින් 100,000ක් සහ ස්වයං රැකියා අවස්ථා සංවර්ධනය කරන්න.
තිරසාර සංවර්ධන අරමුණු (SDG) වටිනාකම් ඇතිකිරීම
2017 වර්ෂයේ, ජර්මනියේ කාර්ල්ෂු නුවර පැවති තිරසාර මූල්‍ය සමුලුවේදී, කාර්ල්ෂු සම්මුතියට අත්සන් තබමින් අපි තිරසාර සංවර්ධන අරමුණු ලඟාකරගැනීමට කැපවන බවට ප්‍රතිඥා දුන්නෙමු. එයින් පසු ගතවුණු වසර කිහිපය තුලදී අපි, අපගේ ප්‍රතිඥාව සාක්ෂාත් කර ගැනීමට හැකිවනු පිණිස අපගේ අරමුණු ප්‍රකාශණය, ඉහල බලපෑමක් ඇති ඉලක්ක, උපායමාර්ග, ව්‍යාපාර සහ සේවකයින්ගේ භූමිකාවන්, අදාල තිරසාර සංවර්ධන අරමුණු සමග අනුගත කරන ලදී. අපගේ දායකත්ව ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීමේදී, අධීක්ෂණය කිරීමේදී සහ ඇගයීමේදී අපි තිරසාර සංවර්ධන අරමුණු හා සබැඳි 5P ප්‍රවේශය අනුගමනය කරන්නෙමු.
ජනතාව
- ආදායම් උත්පාදන කටයුතු සඳහා මූල්‍ය පහසුකම් ලබාදීම
- ග්‍රාමීය සහ ආන්තික ප්‍රදේශ වලට ප්‍රමුඛත්වය ලබා දීම
- කෘෂිකාර්මික ආයෝජන
- කාන්තා පාරිභෝගිකයන්ට අතහිතදීම
- ආයතනික සේවක මණ්ඩලයේ කාන්තා නියෝජනය
ආදායම් උත්පාදන කටයුතු සඳහා මූල්‍ය පහසුකම් ලබාදීම
ග්‍රාමීය සහ ආන්තික ප්‍රදේශ වලට ප්‍රමුඛත්වය ලබා දීම
කෘෂිකාර්මික ආයෝජන
කාන්තා පාරිභෝගිකයන්ට අතහිතදීම
ආයතනික සේවක මණ්ඩලයේ කාන්තා නියෝජනය
මිහිතලය
- AFC පැල මිලියනයක් රෝපණය කිරීමේල එකමුතුකමේ රුක් රෝපණ ව්‍යාපෘතිය
- AFC කාබන් පියසටහන
- ජෛව විවිධත්ව සංරක්ෂණය සහ පරිසර පද්ධති ප්‍රතිෂ්ඨාපනය කිරීම
- සංරක්ෂිත ප්‍රදේශ
AFC පැල මිලියනයක් රෝපණය කිරීමේල එකමුතුකමේ රුක් රෝපණ ව්‍යාපෘතිය
AFC කාබන් පියසටහන
ජෛව විවිධත්ව සංරක්ෂණය සහ පරිසර පද්ධති ප්‍රතිෂ්ඨාපනය කිරීම
සංරක්ෂිත ප්‍රදේශ
ලාභය
- ප්‍රධාන පාර්ශවකරුවන් වෙනුවෙන් නිපදවන ලද අගය
- බස්නාහිර පලාතෙන් පිට ප්‍රදේශවල නියෝජනය
- පාරිභෝගිකයින්ට ලබාදුන් ණය
- ශාඛා ප්‍රමාණය
- ගෙවන ලද බදු ප්‍රමාණය
- තිරසාරත්ව වැඩසටහන් සඳහා ආයෝජන
- සේවක පුහුණුව සඳහා ආයෝජන
ප්‍රධාන පාර්ශවකරුවන් වෙනුවෙන් නිපදවන ලද අගය
බස්නාහිර පලාතෙන් පිට ප්‍රදේශවල නියෝජනය
පාරිභෝගිකයින්ට ලබාදුන් ණය
ශාඛා ප්‍රමාණය
ගෙවන ලද බදු ප්‍රමාණය
තිරසාරත්ව වැඩසටහන් සඳහා ආයෝජන
සේවක පුහුණුව සඳහා ආයෝජන
හවුල් ව්‍යාපාර
- තිරසාරත්ව ජාල හවුල්කරුවන්
- සාමාජිකත්වය දරණ සංගම්
- අරමුදල් සපයන හවුල්කරුවන්
තිරසාරත්ව ජාල හවුල්කරුවන්
සාමාජිකත්වය දරණ සංගම්
අරමුදල් සපයන හවුල්කරුවන්
සාමය
- සාමය සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන්
- වගකීම්සහගත සහ සියලුම දෙනාට ලබාගත හැකි මූල්‍ය සේවාවන්
සාමය සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන්
වගකීම්සහගත සහ සියලුම දෙනාට ලබාගත හැකි මූල්‍ය සේවාවන්
තිරසාරමය සහතිකකරණය අඩංගු කරුණු
කර්මාන්තය සඳහා නව තිරසාරමය සන්ධිස්ථාන ස්ථාපිතකිරීම
ත්‍රිත්ව ඵලදායිතා වටිනාකම් ඇතිකිරිමේ උපක්‍රමය කෙරෙහි අපගේ කැපවීම ද අපට ජාත්‍යන්තර පිළිගැනීම සොයායාමට හා නව සන්ධිස්ථාන සඳහා ඉහළ ලඟාවීමට ද ඒ අතරතුර ශ්‍රී ලංකාවේ සහ කළාපයේ මුළු කර්මාන්තය සඳහාම නව සන්ධිස්ථාන පිහිටුවීමට ද අප පෙළඹවූයේ ත්‍රිත්ව ඵලදායිතා වටිනාකම් ඇතිකිරිමේ උපක්‍රමය කෙරෙහි අපගේ කැපවීමය.
තිරසාරත්වය කෙරෙහි අප තුළ තිබූ දශක ගණනාවක දායකත්වය, කැපවීම සහ ඉමහත් කැමැත්ත සළකාබලමින් 2018 වසරේදී ප්‍රමුඛ තිරසාරමය ප්‍රමිතීන් සහ සහතිකකරණයට මුලපිරීම (SSCI) එලායන්ස් මූල්‍ය සමාගමට පිළිගන්වන ලදී, එලායන්ස් මූල්‍ය සමාගම සැබෑ වටිනාකම් මෙහෙයවන මූල්‍ය ආයතනයක් වශයෙන් ගොඩනැගීම සඳහා ප්‍රමිතීන් විසින් පනවා ඇති තිරසාරමය විධි නියෝග මූලධර්මයන් යාවත්කාලීන කිරිමට සමාගම කටයුතු කරන ලදි. ව්‍යාපාරයක සෑම මට්ටමකම පාලනයේ සිට නිශ්පාදන අංශය සහ මානව සම්පත් කළමනාකරනය දක්වා තිරසාරමය මූලධර්ම නිවැරදිව අනුගමනය කිරීමේ ප්‍රතිඵලයන් වශයෙන් 2020 වසරේ දී එලායන්ස් මූල්‍ය සමාගම පරිපූර්ණ තිරසාරමය සහතික ලත් වටිනාකම් මෙහෙයවන මූල්‍ය අයතනය (SSCI) යටතේ දකුණු ආසියාවේ ප්‍රථම බැංක- නොවන මූල්‍ය ආයතනය බවට පත්විය.
(SSCI) සහතිකකරණය යනු බැංකු සහ මූල්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් සමාජ හා පාරිසරික තිරසාරත්නය මැණබැලීම සඳහා ලොව ප්‍රථම සහතික කලහැකි ප්‍රමිතියයි. මෙය ප්‍රධානය කරනු ලබන්නේ තිරසාර සංවර්ධනය සඳහා වන යුරෝපීය සංවිධානයේ (ESOD) සභාපතිත්වය යටතේ වටිනාකම් මෙහෙයවන මූල්‍ය ආයතන සඳහා වන තිරසාර ප්‍රමිතීන් පිළිබඳ ජාත්‍යන්තර කවුන්සිලය විසිනි. මෙහි අනෙක් හවුල්කරුවන් වනනේ ආසියානු සහ පැසිෆික් සංවර්ධන මූල්‍ය ආයතන සංගමය (ADFIAP) සහ අප්‍රිකානු සංවර්ධන මූල්‍ය ආයතන සංගමයයි (AADFI).
මෑත කාලීන ව්‍යාපෘති ඉස්මතු කිරීම්
ජෛව විවිධත්ව සංරක්ශණය සහ පරිසර පද්ධති ප්‍රතිෂ්ඨාපනය කිරීමේ ව්‍යාපෘති
කඳුකර දිවියන් සංරක්ෂණ කිරීමේ ව්‍යාපෘතිය
ප්‍රවීණ සංරක්ෂණවේදීන් සහ දිවියන් පිළිබඳ විශේෂඥයින් දෙපලක් වන ආචාර්ය ඇන්ඩෘ කිට්ල් සහ අංජලී වොට්සන් මහත්මිය විසින් ආරම්භ කරන ලද වනාන්තර සහ සහ වනජීවීන් සංරක්ෂණය කිරීමේ පදනම (WWCT) හරහා ඔවුන් විසින් දියත් කර ඇති Peak Ridge වනාන්තර කොරිඩෝව සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා ඔවුන්ගේ මූල්‍ය සහකරු ලෙස සම්බන්ධ වීමට අප ආයතනයට අවස්ථාව ලැබිණි. මෙම සහයෝගීතාවයේ පරමාර්ථය වන්නේ කඳුකර දිවියන් ආරක්ෂා කිරීම , දිවි-මිනිස් ගැටුම් අවම කිරීම සහ ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ මෙම තෝරාගත් ප්‍රදේශයේ පරිසර පද්ධතිය ප්‍රතිෂ්ඨාපනය කිරීමයි.
තිරසාර පුවත්
” USAID, Alliance Finance to promote climate proofing investments”
“Planting Trees for a Sustainable Future – AFC’s Treevolution Movement”...
එලායන්ස් ෆිනෑන්ස් සමාගම විසින් afc හපන්නු ළමා ඉතිරිකිරීමේ ගිණුම හා...
තිරසාරමය මූල්‍යකරණය ගෝලීයව මුලපිරීමක් සහ එහි ප්‍රවර්ධනය සඳහා කටයුතු කල...
ක්‍රියාශීලී තිරසාරත්වය
අපගේ නවතම පුවත් සහ ප්‍රවර්ධන වැඩසටහන් සමඟ යාවත්කාලීනව සිටින්න
වෙනත් අවශ්‍ය සේවාවක් ලබාගැනීමට තවත් හදාරන්න – වැඩි විස්තර සඳහා
SELECT PRODUCT(S)
ස්ථාවර තැන්පතු ලීසිං රන් ණය
ඉක්මන් මුදල් වාහන විකිණීමට වාහන කුලියට ගැනීම සඳහා රන් ආයෝජන