Call Us:

එලායන්ස් ෆිනෑන්ස් සමාගමේ සියළුම තිරසාර වැඩසටහන් ක්‍රියාත්මක වන්නේ  “දළු” වැඩසටහන තුළිණි. 2019 දී මෙම වැඩසටහන අප දියත් කල අතර සමාගමේ තිරසාර ක්‍රියාවලියන් තව තවත් ප්‍රවර්ධනය කිරීම සමාජ හා ඩිජිටල් මාධ්‍ය හරහා ගෙනයාමට මෙය අපට උපකාරි විය. අපගේ වැඩකටයුතු ගැන උනන්දුවක් දක්වන අදාල පාර්ශ්වයන්ට අපගේ සමාජ හා පාරිසරික තිරසාර ස්ථාපිතයන්ට සහය ලබාගැනීම සඳහා ආරාධනා කිරීමට ද අප මෙය යොදාගන්නා ලදී.

“දළු” යන්නෙහි අර්ථය අප විග්‍රහ කරන්නේ එලායන්ස් ෆිනෑන්ස් සමාගමේ ” නව ආරම්භකයන් ” යන අදහස ගෙනදීමටය. සමාගමේ සමාජ හා පාරිසරික වටිනාකම් උපදවීම සඳහා අපගේ අදාල සියළුම පාර්ශ්වකරුවනට ජයග්‍රහණ, සාර්ථකත්වය සහ එකමුතුකමින් දිරි ගැන්වුණු නව ආරම්භයක් සමග නව ප්‍රවිශ්ඨයක් මේ තුළින් බලාපොරොත්තු වේ. මෙම වැඩසටහතේ කොටසක් වශයෙන්, අපගේ තිරසාර වටිනාකම් උපදවීමේ ගමනට අතහිත දීමට කැමැත්ත දක්වන දේශිය හා ජාත්‍යන්තර පාර්ශ්වයන්ට අනුකූලතාවය දැක්විය හැකි සමාජ මාධ්‍ය වැඩසටහන 2019 දී ද,”www.afcdalu.com ” වෙබ් දොරටුව 2020 දී ද ආරම්භ කරන ලදී.

විශේෂ අවස්ථා

එලායන්ස් ෆිනෑන්ස් 2019 ලෝක පරිසර දිනයේදී ගස් 213,965 ක් සිටුවයි !!

ලෝක පරිසර දිනය නිමිත්තෙන් එලායන්ස් ෆිනෑන්ස් සමාගම (AFC) විසින් සංකේතාත්මක ගස් සිටුවීමේ උත්සවයක් 2019 ජුනි මස 5 වන දින AFC ප්‍රධාන කාර්යාලයේදී පවත්වන ලදී.

මෙම අවස්ථාවට නියෝජ්‍ය සභාපති හා කළමණාකාර අධ්‍යක්ෂ – රොමානි ද සිල්වා මහතා, තිරසාරත්වය පිළිබඳ අධ්‍යක්ෂක – මහින්ද ගුණසේකර මහතා, මූල්‍ය හා මෙහෙයුම් අධ්‍යක්ෂක – කුසල් ජයවර්ධන මහතා, ණය මෙහෙයුම් හා අලෙවිකරණ අධ්‍යක්ෂක – රවී රඹුක්වැල්ල මහතා සහ AFC තිරසාර කණ්ඩායම් සාමාජිකයින් සහ කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට සහභාගී වී ඇත.

මෙම අවස්ථාවට සමගාමීව, AFC ගාල්ලේ ශාඛාව ඉලගොඩ සුමංගල මහා විද්‍යාලයේ ශිෂ්‍යයන් සමඟ රුක් රෝපණ වැඩසටහනක් සංවිධානය කරන ලදි.

මීට වසරකට පෙර සිට ගස් 213,965 ක් සිටුවීම AFC විසින් සම්පූර්ණ කර ඇති අතර, 2018 ලෝක පරිසර දිනයේදී පාසල් 991 කට වැඩි පාසල් ළමුන් 370,000 කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් එක් දිනක් තුළ ගස් 176,518 ක් රෝපණය කරමින් AFC විසින් තුරු මිතුරු වැඩසටහන දියත් කරන ලදී. දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීම සඳහා විශාල දායකත්වයක් ලබා දීමේ අරමුණින් AFC විසින් ගස් 600,000 ක් සිටුවීමට කලින් කළ කැපවීම සංශෝධනය කර ඇති අතර 2023 වර්ෂය අවසන් වන විට ගස් මිලියනයක් සිටුවීමට නව පොරොන්දුවක් ගෙන තිබේ.

මෑත කාලීන ව්‍යාපෘති ඉස්මතු කිරීම්

ජෛව විවිධත්ව සංරක්ශණය සහ පරිසර පද්ධති ප්‍රතිෂ්ඨාපනය කිරීමේ ව්‍යාපෘති

කඳුකර දිවියන් සංරක්ෂණ කිරීමේ ව්‍යාපෘතිය

ප්‍රවීණ සංරක්ෂණවේදීන් සහ දිවියන් පිළිබඳ විශේෂඥයින් දෙපලක් වන ආචාර්ය ඇන්ඩෘ කිට්ල් සහ අංජලී වොට්සන් මහත්මිය විසින් ආරම්භ කරන ලද වනාන්තර සහ සහ වනජීවීන් සංරක්ෂණය කිරීමේ පදනම (WWCT) හරහා ඔවුන් විසින් දියත් කර ඇති Peak Ridge වනාන්තර කොරිඩෝව සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා ඔවුන්ගේ මූල්‍ය සහකරු ලෙස සම්බන්ධ වීමට අප ආයතනයට අවස්ථාව ලැබිණි. මෙම සහයෝගීතාවයේ පරමාර්ථය වන්නේ කඳුකර දිවියන් ආරක්ෂා කිරීම , දිවි-මිනිස් ගැටුම් අවම කිරීම සහ ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ මෙම තෝරාගත් ප්‍රදේශයේ පරිසර පද්ධතිය ප්‍රතිෂ්ඨාපනය කිරීමයි.

තිරසාර පුවත්

ක්‍රියාශීලී තිරසාරත්වය

අපගේ නවතම පුවත් සහ ප්‍රවර්ධන වැඩසටහන් සමඟ යාවත්කාලීනව සිටින්න

    වෙනත් අවශ්‍ය සේවාවක් ලබාගැනීමට තවත් හදාරන්න – වැඩි විස්තර සඳහා

    නිෂ්පාදනයක් ගැන විමසීමක්

      හෝ උදව්වට අපව අමතන්න

      Inquiry about a product

        or call us for assistance

        Inquiry about a product

          or call us for assistance

          ×
          This site is registered on wpml.org as a development site.