Call Us:

ත්‍රිත්ව ලභාදයීත්ව ප්‍රවේශය

අප ඉලක්ක කරන්නේ ජනතාව, විශ්වය හා ලාභ යයි:

ත්‍රිත්ව ඵලදායිතාවය තුළින් අප කටයුතු කරන්නේ 1956 සිට මින් පෙර කිසිවෙකු ලගා නොකරගත් වර්ධනයක් ලබා ගනිමින් අපගේ හවුල්කරුවන් වන පාරිභෝගිකයා, ප්‍රජාව සහ පරිසරය නිසාය. අපගේ ත්‍රිත්ව ඵලදායිතා දර්ශනය සමග බද්ධ වී ඇත්තේ ජනතාව, පෘථීවිය සහ ලාභයයි. එය ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන න්‍යායපත්‍රයේ අපගේ කාර්යභාරය ආක්‍රමණශීලි ලෙස අරමුණු කරගෙන ඇත, අප තදින්ම විශ්වාස කරන කරුණක් නම් ව්‍යපාරයක් තිරසාරමය වන්නේ එහි සිය`ඵ පාර්ශ්වකරුවන් ආයතනයේ ත්‍රිත්ත ඵලදායිතා පෙළ සෑම මාර්ගයකින්ම ඇතිකරනු ලබන වටිනාකම් වලින් ප්‍රතිලාභ සලසන්නේ නම් ය
තිරසාර ව්‍යාපාර මෙහෙයුම් පිළිබඳ හොඳම ජාත්‍යන්තර වයවහාරයන් සහ ප්‍රමිති මාර්ගෝපදේශයන් අනුගමනය කරමින් ලැබූ පන්නරය සහ ලොව වඩාත් තිරසාර ස්ථානයකට පත්කිරීම සඳහා ත්‍රිත්ව ඵලදායිතාව තුළින් අපගේ ඉහළ අපේක්ෂාවන් සහ අරමුණු කර යාම තුළින් අපි වැඩිදුරටත් ශක්තිමත් වූයෙමු.

ත්‍රිත්ව ඵලදායිතා වටිනාකම් ඇතිකිරීම

ප්‍රජාව

  • මූල්‍ය මෙහෙයුම් සහ මූල්‍ය වගකීම ප්‍රවර්ධන කිරීම.
  • සමාජ ව්‍යවසායකත්වයට සහය වීම.
  • ජාතික සහ ගෝලීය සමාජ අරමුණු සාක්ෂාත් කරගැනීමට දායකත්වය දීම.
  • ප්‍ර්‍රජාවට තිරසාර වටිනාකම් ලබාදීම.
  • ධනාත්මක හැඟීමෙන් මූල්‍ය ව්‍යාපාර පවත්වා ගැනීම

මිහිතලය

  • දේශගුණික විපර්යාස මැඩලීමට සහය දීම.
  • ලොව භාවිතයට නොගත් භූමිය පිළිබඳ අභියෝගයට සහය වීම.
  • තිරසාර නිශ්පාදනයට හා පාරිභෝජනයට උපදෙස් දීම.
  • ශ්‍රී ලංකාවේ ජෛව විවිධාංග සංරක්ෂණය හා පරිසර පද්ධතිය නැවත ස්ථාපිත කිරීම.

ලාභය

  • ආර්ථීක බලගැන්වීම සඳහා පරිසරය හැඩගැස්වීම.
  • ආර්ථීක බලගැන්වීම සඳහා දිවිපැවැත්ම සංවර්ධනය.
  • සමාජ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම වටිනාකම් ඇතිකිරීම උපරීම කිරීම සඳහා සේවක නව්‍යකරණය හා ඩිජිටල්කරණය.

ප්‍රජාව

එලායන්ස් මූල්‍ය සමාගම පවතින්නේ එහි නිර්මෘතෘවරුන් අපට කියාදුන් ආදර්ශ පාඨය මතය:-” වියදම් කිරීමට පෙර උපයන්න, තමා ගැන නොව අන් අය ගැන පළමුව සිතන්න” අපගේ සේවක මණ්ඩලය රැකබලාගැනීම බොහෝදුරට අපගේ දෙවැනි ස්වභාවය වුවත් අපගේ මූල්‍ය අරමුණු ගැන සලකාබැලීමේදී මෙම ප්‍රමු`ඛත්වයන් නිසා අපට අවාසිදායක තත්ත්වයන් උදාවන්නේ නැත. අපගේ ප්‍රයත්නය වනුයේ පුහුණුව හා සංවර්ධනය, ආයතනික සමාජ වගකීම සහ අපගේ පාර්ශ්වකරුවන් සමග නොකඩවා කටයුතු කිරීම තුළින් මූල්‍ය විසඳුම් පවා ඉත්මවා ගිය බලගැන්වීම් සහ ජීවන තත්ත්වය උසස්කිරිම් සමග ඔවුනගේ ජීවිතවලට අර්ථයක් සහ වටිනාකමක් ඔවුනට ලබාදීමය. දශක හයකට අධික කාලයක් තුළ පරම්පරා හතරක පාරිභෝගිකයිනට අප සේවය ලබා දී ඇති අතර අපගේ ප්‍රතිඥාව වන්නේ අපගේ සේවක මණ්ඩලයේ ඉදිරි පරම්පරාවලට ද මෙය ගෙනයාමට සැලැස්වීමය.

මිහිතලය

මානව ක්‍රියාවන් විසින් තර්ජනයට ලක්කරන ලද, දශක ගණනාවක් විනාශමුඛයට ඇද දමා ඇති, මෙම විනාශය අවසන් කර කලින් තිබූ යහපත් වාතාවරණය නැවත උදාකර ගැනීම සඳහා මානවයාගේ මැදහත්වීම ඉතාමත් අවශ්‍යයැයි සැලකෙන අපගේ පැවැත්මේ අත්තිවාරම අපගේ පෘථීවියයි. සමාගමක් වශයෙන් අපගේ වගකීම සහ කාර්යභාරය වන්නේ මෙම යහපත් ගෝලීය තත්ත්වය නැවත උදාකරගැනිම සඳහා හැකි සෑම සහයෝගයක්ම ලබාදීමය.
අපගේ පරිසරයට සුභවාදී ප්‍රතිඵල ජනනය කිරිමට හැකිවනු පිණිස අපි අපගේ ව්‍යාපාර හුරුපුරුදු, අපගේ ක්‍රියාකලාපයන්, වැඩකටයුතු සහ මුලපිරීම් මෙයට අනුගතකොට ඇත. අපගේ ගස් සිටුවීමේ ව්‍යාපාරය තුළින් ප්‍රජාවට එකමුතුවී වැඩකිරීමට සැලැස්වීම, පරිසරයට හිතකාමි සමාජ ව්‍යාපාර තුළින් ජෛවවිවිධිධත්වය සහ පරිසරය ආරක්ෂා කිරිම සඳහා අපට කලහැකි සියළු දේ අපි කරන්නෙමු.

ලාභය

අපගේ වගකිවයුතු මූල්‍ය විසඳුම් හරහා මූල්‍ය සමානත්වය ඇතිකිරීම හා ජීවන තත්ත්වයන් උසස්කිරීමේ අභිලාෂය මත සෑම දෙනාටම ප්‍රතිලාභ හිමිවිය යුතුය යන කරුණු මත එලායන්ස් මූල්‍ය සමාගම ස්වකීය ව්‍යාපාරය ලාභ වර්ධනය කරගනිමින් පවත්වා ගෙනයයි. දශක හයක අපගේ ගමනේදී දහස් සංඛ්‍යාත ගණනකට ඔවුන්ගේ ජීවිත සුඛිතමුදිත කරගැනීමට හා තම ආර්ථීක සංවර්ධනය කරා ළඟාවීමට හැතිවනු පිණිස අපි ඔවුනට සහය වී ඇත. අපගේ විශ්වාසය වන්නේ සෞභාග්‍යය උදාකරගතහැක්කේ සාමුහික හා තිරසාර වර්ධනයෙන් සහ සමාජ හා පරිසර යහපැවැත්ම මත බවය. අපගේ නව සොයාගැනීම් නිශ්පාදන, සේවා සහ කි්‍රයාවලිය අරමුණු කරගෙන ඇත්තේ අපගේ සියළුම පාර්ශ්වකරුවනට ශක්තිමත් වියහැකි වාතාවරණයක් නිර්මාණය කිරීමට හැකිවන අන්දමට ය. අපගේ ඒකායන ප්‍රයත්නය වන්නේ සෞභාග්‍යය උදාකරගැනීම සඳහා තිරසාර මූල්‍යකරණයක් තුළින් ලොව වඩාත් හොඳ තැනකට පත්කිරීමද සමගින් අපගේ පාර්ශ්වකරුවන්ගේ ජීවිත වලටද සෙූභාග්‍යය උදාකරදීම සඳහා ඉදිරියටම යාමටය.

එලායන්ස් මූල්‍ය සමාගම - මාර්ග සංවර්ධන අධිකාරිය සමගින් අධිවේගි මාර්ගය හරිතකරණය දිගටම පවත්වා ගෙනයාම

මාර්ග සංවර්ධන අධිකාරියේ හරිතකරණ අධිවේගිමාර්ග ව්‍යාපෘතිය සඳහා කොහොඹ පැළ 25,000 ක් මාර්ග සංවර්ධන අධිකාරියට සපයමින් හරිතවර්ණ අධිවේගිමාර්ග ජාලයක් දිවයින පුරා ඇතිකිරීම සඳහා එලායන්ස් මූල්‍ය සමාගම නැවතත් මාර්ග සංවර්ධන අධිකාරිය සමග අත්වැල් බැඳගන්නා ලදී. මෙම උත්සවය බරවාකුඹුර හුවමාරු මධ්‍යස්ථානයේ දී එලායන්ස් මූල්‍ය සමාගමේ තිරසාරමය අධ්‍යක්ෂක මහින්ද ගුණසේකර මහතා, එලායන්ස් මූල්‍ය සමාගමේ සේවක මහතුන්, මාර්ග සංවර්ධන අධිකාරියයේ නියෝජිතයින් සහ එලායන්ස් මූල්‍ය සමාගමේ හරිතකරණ මුලපිරීම්වල ප්‍රධාන පැළ සැපයුම්කරු වන තුරු වියන පැළ තවානේ ඡේ. බාලසිංහ මහතා යන අයගේ සහභාගිත්වයෙන් පවත්වන ලදී.

2020 දී ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය තුළින් මාර්ග සංවර්ධන අධිකාරියේ හරිතකරණ අධිවේගි ව්‍යාපෘතිය යටතේ පැළ 75,000 ක් සිටුවීම ට යෝජිත අතර මාර්ග සංවර්ධන අධිකාරියේ ඉල්ලීම මත සැපයීමට එලායන්ස් මූල්‍ය සමාගම භාරගන්නා ලදි අතර සමාගම විසින් පැළ 50,000 ක් 2020 ඔක්තෝබර් මස සපයන ලදී. මෙම දායකත්වය නිසා 2020/21 මුදල් වර්ෂය තුළ අධිවේගි මාර්ගයට පැළ ප්‍රදානය කිරීමේ ප්‍රධන සැපයුම්කරු බවට එලායන්ස් මූල්‍ය සමාගම පත්විය. මෙයට පෙර අවස්ථාවන් වලදී ද මාර්ග සංවර්ධන අධිකාරියේ හරිතකරණ ව්‍යාපෘතිවලට එලායන්ස් මූල්‍ය සමාගම දායකත්වය ලබා දී ඇති අතර සිංහ සමාජයේ සහභාගිත්වය ද ඇතිව පැළ 40,000 ක් සපයන ලදී. 100,000 කට අධික මු`ඵ පැළ ප්‍රමාණයක් සපයාදීමෙන් අධිවේගි මාර්ගය හරිතකරණය සඳහා වන ජාතික මෙහෙවරට දායකත්වය දැරීමේ ගෞරවය එලායන්ස් මූල්‍ය සමාගමට හිමි වේ.
සටහන – මාර්ග සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘතියේ ඡායාරූප මෙහි ඇලවීමට ( 50,000 ගස් ප්‍රදානය සහ සිංහ සමාජ ව්‍යාපෘතීන් )

මෑත කාලීන ව්‍යාපෘති ඉස්මතු කිරීම්

ජෛව විවිධත්ව සංරක්ශණය සහ පරිසර පද්ධති ප්‍රතිෂ්ඨාපනය කිරීමේ ව්‍යාපෘති

කඳුකර දිවියන් සංරක්ෂණ කිරීමේ ව්‍යාපෘතිය

ප්‍රවීණ සංරක්ෂණවේදීන් සහ දිවියන් පිළිබඳ විශේෂඥයින් දෙපලක් වන ආචාර්ය ඇන්ඩෘ කිට්ල් සහ අංජලී වොට්සන් මහත්මිය විසින් ආරම්භ කරන ලද වනාන්තර සහ සහ වනජීවීන් සංරක්ෂණය කිරීමේ පදනම (WWCT) හරහා ඔවුන් විසින් දියත් කර ඇති Peak Ridge වනාන්තර කොරිඩෝව සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා ඔවුන්ගේ මූල්‍ය සහකරු ලෙස සම්බන්ධ වීමට අප ආයතනයට අවස්ථාව ලැබිණි. මෙම සහයෝගීතාවයේ පරමාර්ථය වන්නේ කඳුකර දිවියන් ආරක්ෂා කිරීම , දිවි-මිනිස් ගැටුම් අවම කිරීම සහ ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ මෙම තෝරාගත් ප්‍රදේශයේ පරිසර පද්ධතිය ප්‍රතිෂ්ඨාපනය කිරීමයි.

තිරසාර පුවත්

ක්‍රියාශීලී තිරසාරත්වය

අපගේ නවතම පුවත් සහ ප්‍රවර්ධන වැඩසටහන් සමඟ යාවත්කාලීනව සිටින්න

    වෙනත් අවශ්‍ය සේවාවක් ලබාගැනීමට තවත් හදාරන්න – වැඩි විස්තර සඳහා

    නිෂ්පාදනයක් ගැන විමසීමක්

      හෝ උදව්වට අපව අමතන්න

      Inquiry about a product

        or call us for assistance

        Inquiry about a product

          or call us for assistance

          ×
          This site is registered on wpml.org as a development site.